ඔස්‌කාර





ඔස්‌කාර

සම්මානය "ඔස්‌කාර්" වූ හැටි

ඔස්‌කාර් සම්මානයට එම නම ලැබුණේ කෙසේද? මේ ගැන මත කිහිපයක්‌ තිබේ. පළමුවැනි මතයට අනුව පසුගිය ශතවර්ෂය මුලදී හොලිවුඩ් සිනමාවට එකතුවූ බෙටා ඩේවිස්‌ නමැති නිළිය සිය පළමුවැනි සැමියා වූ හැමන් ඔස්‌කාර් නෙල්සන්ගේ අභාවයෙන් පසු ඔහු සිහිවීම පිණිස සම්මානයට ඔස්‌කාර් නම තැබූ බවය. දෙවැන්න ඉකුත් ශතවර්ෂය මුලදී ඇකඩමි සම්මාන සංගමයේ අධ්‍යක්‍ෂවරයකු වූ මාග්‍රට්‌ පෙරන් මහත්මිය "ඔස්‌කාර් මාමා" යන සුරතල් නාමයෙන් හැඳින්වූ සිය ඇවැස්‌ස මස්‌සිනාගේ රූපය සම්මානයේ ඇති නයිට්‌ අනුරුවට සමාන නිසා එයට ඔස්‌කාර් නම තැබූ බවය. කෙසේ වුවද මෙම සම්මානයට ඔස්‌කාර් නම නිල වශයෙන් යොදන්නේ 1993 දීය.


ඔස්‌කාර් ගැන දැනගන්න

පැඩි පවර් (Paddy Power) නමින් රේස්‌ බුකියක්‌ ලෝක තුරඟ තරග රාජධානිය ලෙස සැළකෙන අයර්ලන්තයේ පිහිටා තිබේ. පැඩි පවර් ලොව ලොකුම රේස්‌ බුකිය වන අතර ලන්ඩන් කොටස්‌ වෙළෙඳපොළේ ලැයිස්‌තුගත කෙරුණු, ජනතාවට කොටස්‌ විකුණා පවත්වාගෙන යන, නාමික අගය ස්‌ටර්ලිං පවුම් 1 ක්‌ වන කොටසක්‌ පවුම් 5000 බැගින් අලෙවි කරගත හැකි තරම් ලොකු සහ ප්‍රසිද්ධ සමාගමකි. මේ සමාගම පසුගිය දෙසතිය තුළ ප්‍රධාන කාරණා දෙකක්‌ සම්බන්ධයෙන් ඔට්‌ටු භාර ගත්තේය. එයින් පළමුවැන්න මීළඟ පාප් වහන්සේ කවරෙක්‌ද යන්නය. අනෙක හොඳම චිත්‍රපටය ලෙස මෙවර ඔස්‌කාර් සම්මානය දිනන්නේ කවර චිත්‍රපටයක්‌ ද යන්නය. මේ දෙක ප්‍රධාන ඔට්‌ටුය. ඒවා සඳහා ඩොලර් සහ පවුම් මිලියන ගණනින් ඔට්‌ටු භාර ගන්නා ලදි. ප්‍රධාන ඔට්‌ටු දෙක යටතේ තවත් උප ඔට්‌ටු සිය ගණනක්‌ තිබේ. ඒ, මීළඟ පාප් වහන්සේ අවුරුදු 70 ට අඩු ද, වැඩිද, ඔහු කළු ජාතිකයෙක්‌ ද නැත්නම් සුදු ජාතිකයෙක්‌ ද, ඔහු ලතින් ඇමරිකානුවෙක්‌ද නැද්ද ඔහුගේ රුධිර සීනිවල අගය 100 ට වැඩි ද අඩු ද, හොඳම ඔස්‌කාර් නිළිය කවරෙක්‌ද, හොඳම නළුවා, හොඳම විශේෂ ප්‍රයෝගකරු, හොඳම අධ්‍යක්‍ෂ කවරෙක්‌ ද, යනාදි වශයෙනි. මේ ඕනෑම කාරණයක්‌ ගැන ඔට්‌ටු ඇල්ලිය හැකිය. විශාල අවදානමක්‌ ඇති කාරණා සම්බන්ධයෙන් අල්ලන ඔට්‌ටුවල මුදල් වටිනාකම සීමා කරනු ලැබේ. මන්ද යත් සමහර විශාල ඔට්‌ටු පැරදුණු විට බුකිය වසා දමා වස පානය කරන්නට බුකි අයිතිකාරයාට සිදුවන නිසා ය. කෙසේ වුවද, ඔබ මෙය කියවන මොහොත වන විට අලුත් පාප් වහන්සේ කවරෙක්‌ද යන්න මෙන්ම ඔස්‌කාර් සම්මාන උළෙලේද ප්‍රතිඵල නිකුත් වී අවසානය. පාප් වහන්සේ තෝරන්නේ කාදිනල්වරුන්ගේ ඡන්දයෙනි. ඔස්‌කාර් සම්මානලාභීන් තෝරන්නේ ඡන්දය සහ එස්‌. එම්. එස්‌. යන මෙවලම් දෙකේ එකතුවෙනි. එහෙත් පාප්තුමා තෝරනවාට වඩා ඔස්‌කාර් සම්මානලාභීන් තේරීම සංකීර්ණය. මෙතැන් සිට ඔබ කියවන්නේ ඩොලර් මිලියන හැටහැත්තෑවක්‌ වැය වන එම ක්‍රියාවලිය ය.

ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලොස්‌ ඇන්ජලිස්‌ නගරය ආසන්නයේ බෙවර්ලි හිල්ස්‌ නමැති කඳුකරයක්‌ පිහිටා තිබේ. මේ කඳු පන්තිය අන්දීස්‌ කඳුකරයට අයත් ශේෂ කඳු බව භූගෝල විද්‍යාඥයන්ගේ මතයයි. "බෙවර්ලි හිල්ස්‌" කඳුකරය ඉදිරිපිට හොලිවුඩ් නගරය පිහිටා තිබේ. ලෝකයේ විශාලතම චිත්‍රපට කර්මාන්තය මෙහි සිදුවන බවත් ලොව හොඳම චිත්‍රාගාර එහි ඇති බවත් ඔබ දනී. බෙවර්ලි හිල්ස්‌ කඳුකරයේ එක්‌ කන්දක Hollywoods යන වචනය විශාල අකුරු වශයෙන් එක පෙළට සිටුවා තිබේ. මේ එක අකුරක්‌ අඩි 50 කට වඩා උස බැවින් සැතපුම් ගණනක්‌ ඈතට එය පෙනෙයි. මේ කඳු පන්තිය ඉදිරිපිට ඇති පාරේ ඔස්‌කාර් සම්මානවල අනුරූ දහස්‌ ගණනින් සමන්විත කඩ සිය ගණනන් තිබේ. ඩොලර් 5 ක්‌ ගෙවා ඒ අනුරුවක්‌ මිලට ගෙන හොලිවුඩ් පුරයෙන් "ඇමරිකන් නිෂ්පාදනයක්‌ ගෙදර ගෙන යැමට මිලට ගනිමියි" සිතන ඔබ ඒ ප්‍රතිමාව උඩු යටිකුරු කර හොඳට බැලූ විට පෙනෙන්නේ කුමක්‌ද? ඵ් Made in China යනුවෙන් එහි මුද්‍රණය කර ඇති බවය.

එක්‌දහස්‌ නවසිය විසි ගණන්වලදී ඇමරිකානු කතානාද චිත්‍රපට කර්මාන්තයේ තිබූ ලොකුම චිත්‍රාගාරය එම්. ජී. එම්. ය. මෙට්‌රෝ - ගෝල්ඩ්වින් - මයර් යන මහත්වරුන් තිදෙනාට අයත් චිත්‍රපට නිෂ්පාදන ආයතන තුනක්‌ මිලට ගත් මාකස්‌ ලෝව් නමැති තවත් මහතෙක්‌ මේ චිත්‍රාගාරය 1924 දී බිහි කළේය. ඉතා විනීත මිනිසකු වූ ලෝව්, චිත්‍රාගාරයේ මුල් සමාගම් තුනේ මහත්වරුන් තිදෙනාටම චිත්‍රාගාරය තුළ රැකියා දෙන ලද අතර ඔවුන්ගෙන් මයර්ට ලැබුණේ චිත්‍රාගාර විධායක කමය. මේ කාලය වන විට හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය කම්කරු ආරවුල්, වැඩ කළ අයට zපොලු තැබීම්Z යනාදිය නිසා පරාභවයට පත් වෙමින් තිබිණ, මෙයට විසඳුමක්‌ ලෙස මයර් යෝජනා කළේ සම්මාන උළෙලක්‌ සංවිධානය කර සම්මාන රාත්‍රියක්‌ පවත්වා නළු නිළියන්ට සම්මාන දී කර්මාන්තයට සුදු හුණු ටිකක්‌ ගාගත යුතු බවය. මේ අනුව එක්‌ ඉරිදාවක සවස්‌ යාමයේදී ප්‍රධාන පෙළේ ඇමරිකන් නළුවකු සහ අධ්‍යක්‍ෂවරයකු සමඟ ඇමරිකානු චලන චිත්‍රපට සංගමයේ සභාපතිතුමා හමුවූ මෙයර් ඔහු සමඟ සාකච්ඡා කර චිත්‍රපට කලාවේ රඟපෑම, අධ්‍යක්‍ෂණය, තිර/කතා රචනය, තාක්‍ෂණික අංශය සහ නිෂ්පාදනය යනාදිය සඳහා පමණක්‌ සම්මාන පහක්‌ දීමට මුදල් දෙනු පිණිස ඔහු පොළඹවා ගත්තේය. එදා එසේ මුදල් දීමෙන් මේ සම්මාන උළෙලට මුල්ගල තැබූ අර්ථපතියා Fred Beetson ය. අද ඔහුත් නැත. මෙයරූක්‌ නැත. නළුවා සහ අධ්‍යක්‍ෂවරයාත් නැත. එම් ජී. එම්. මුල් සමාගමත් නැත. සම්මාන උළෙල පමණක්‌ ඉතිරිව ඇත. (එම්. ජී. එම්. සමාගම වසර 2010 දී බංකොළොත් භාවයට පත් විය. ඉන්පසු වෙනත් කණ්‌ඩායමක්‌ විසින් එය මිලට ගන්නා ලදි.) අර්ථපතියා පොළඹවා ගැනීමෙන් පසු ඇමරිකන් සිනමාවේ පෙර කී අංග පහට අයත් ශිsල්පීන් 36 දෙනකුට ලොස්‌ ඇන්ජලිස්‌ නගරයේ ඇම්බැසිඩර් හෝටලයට රාත්‍රි භෝජනය සඳහා ආරාධනා කළ මෙයර් චලන චිත්‍රපට කලාව සහ විද්‍යාව සඳහා වූ ඇකඩමිය යනුවෙන් ආයතනයක්‌ ඇති කර වාර්ෂිකව සම්මාන දීම යෝජනා කළේය. 1927 ජනවාරි 11 වැනිදා වූ එදින රාත්‍රි එම හෝටලයට රැස්‌ වූ එම පිරිස ඇකඩමි සම්මාන උළෙලේ පුරෝගාමීන් ලෙස සලකනු ලැබේ. කුරුස යුද්ධයට යන පුරාණ නයිට්‌වරයකුගේ ස්‌වරූපය ආශ්‍රයෙන් ඔස්‌කාර් සම්මානය සකසන ලදි. ඇකඩමියේ සභාපති වූයේ එවකට සිටි කීර්තිමත් නළුවකු වූ ඩග්ලස්‌ ෙµයාර්බෑන්ක්‌ස්‌ ය.

මුලදී මේ උළෙලේ සම්මානලාභීන් තෝරන ලද්දේ සරල විනිශ්චය මණ්‌ඩලයක්‌ මගින් ඉතා සරළ ක්‍රමයකටය. සම්මාන ලාභීන්ගේ නම් ලැයිස්‌තුව මාස 3 කට පෙර ප්‍රකාශයට පත් කරන ලද්දේ ඔවුන් සම්මාන රාත්‍රියේදී වෙනත් වැඩවලින් කල්තියාම ඈත් කර ගැනීම පිණිසය. 1930 වන විට සම්මාන ලාභීන් ලැයිස්‌තුව සම්මාන රාත්‍රියේම නිකුත් කරන ලදි. ඒ නම් ලැයිස්‌තුව එදින රෑ 11 ට පසුදින පුවත්පත්වල පළ කිරීම සඳහා නිකුත් කෙරිණ. එහෙත් 1941 දී ලොස්‌ ඇන්ජලිස්‌ ටයිම්ස්‌ පත්‍රය සම්මාන රාත්‍රියට පෙර දිනයේදී සම්මානලාභීන් ලැයිස්‌තුව ප්‍රකාශයට පත් කළේය. එනම් නම් ලැයිස්‌තුව පත්තරකාරයන් අතට ලීක්‌ වී තිබිණ.

* * * * * * * * * *

1935 සිට ඇකඩමි සම්මාන උළෙලේ (මේ වනවිට සම්මානයේ නම ඔස්‌කාර් වී තිබිණ) ඡන්ද ගණන් කිරීම භාර ගන්නේ ප්‍රයිස්‌වෝටර්හවුස්‌කූපර්ස්‌ (Pricewaterhouse coopers) නමැති විගණන සමාගමය. එය ලෝකයේ එතෙක්‌ මෙතෙක්‌ බිහි වූ විශාලතම විගණන සමාගමයි. මේ ආයතනය පසුගිය මුදල් වර්ෂයේ (2010 -2011) ලැබූ ආදායම ඩොලර් බිලියන 150 කට වැඩිය. ඡන්ද ගැනිල්ල, විශාල ගාස්‌තුවක්‌ මත ඔවුන් භාර දෙන ලද්දේ පත්තරවලට අනවශ්‍ය තොරතුරු කාන්දු වීම වැළැක්‌වීමටත් ඡන්ද අපේක්‍ෂක නළු නිළියන් විනිශ්චය මණ්‌ඩලයට බලපෑම් කිරීම වැළැක්‌වීමටත් ය. ඒ සඳහා ඡන්ද ප්‍රතිඵල ගණනය කිරීම පිණිස ඔවුන් අලුත් ක්‍රමවේදයක්‌ ඇති කළ අතර අවුරුදු පතා එය දියුණු කළේය. මෙසේ ඡන්ද ගණන් කිරීම වෙනුවෙන් ප්‍රයිස්‌වෝටර්හවුස්‌ කූපර්ස්‌ සමාගම වසර 2010 දී අය කළේ ලංකා මුදලින් රුපියල් දෙකෝටි විසිපන් ලක්‍ෂයක්‌ පමණි. එය විගණන සේවා ගාස්‌තු යන ශීර්ෂය යටතේ ඇකඩමි සම්මාන උළෙලේ ගිණුම් පොත්වල සටහන් වෙයි.

ජයග්‍රාහකයන් තෝරා ගැනීම සඳහා ඡන්ද ක්‍රියාවලිය සිදු වන ආකාරය සුවිශේෂීය. මෙවර උළෙලේ ඡන්ද දායකයන් 5783 කට ඡන්දය දීමේ බලය ලැබී තිබිණ. එයට චිත්‍රපට ක්‍ෂේත්‍රයේ හැමකොටසක්‌ම අයත්ය. එහෙත් වැඩිම කොටස නළු නිළියන්ය. මෙවර ඒ ගණන 1311 කි.

තරගකරුවන්ගේ නාම යෝජනා තෝරා ගන්නේ විශේෂ මණ්‌ඩලයක්‌ මගිනි. ඉන්පසු එම නාමයෝජනා පෙළගස්‌වා ඡන්ද පත්‍රිකාවක්‌ ලෙස සකස්‌ කර ඡන්දදායකයන්ට ඊමේල් කරනු ලැබේ. ඡන්ද දායකයන් තම ඡන්දය පාවිච්චි කර එම ඡන්ද පත්‍රිකා ඇකඩමි සම්මාන කමිටුවට යළි යවති.

ප්‍රයිස්‌වෝටර්හවුස්‌කුපර්ස්‌ සමාගමේ වැඩ පටන් ගන්නේ එතැන් සිටය. පුරවන ලද ඡන්ද පත්‍රිකාවල ප්‍රතිඵල රැගත් සමාගමේ ගණකාධිකාරීන් පිරිසක්‌ රහසිගත තැනකට රැස්‌වී රහසිගත ක්‍රමයකට ඡන්ද ප්‍රතිඵල අගය කරති. එවිට ඉතාම පිරිසිදු ප්‍රතිඵල ලකුණු ලබාගත හැකිය. එහෙත් එම ප්‍රතිඵලය, එක්‌ එක්‌ අපේක්‍ෂකයාට හිමි අවසන් ලකුණු ප්‍රමාණය මිස අවසන් ඡන්ද ප්‍රතිඵලය නොවේ. ඊළඟට තවත් ගණකාධිකාරීන් කණ්‌ඩායමක්‌ මේ ලකුණ ඉසෙඩ් ස්‌කෝර් වැනි ක්‍රමයකට අගය කර ජයග්‍රාහකයන් තෝරා ගනී. අනතුරුව එම ප්‍රතිඵල කවරවල බහා බ්‍රිෆ් කේසයකට දමා මුද්‍රා තබා සමාගමේ ජ්‍යෙෂ්ඨතම විගණන නිලධාරීන් දෙදෙනාට දෙති. කවර සියල්ලම ඔස්‌කාර් සම්මාන ලැයිස්‌තුවේ අනුපිළිවෙළට බ්‍රිෆ් කේසය තුළ තැන්පත් කර ඇත. කවරවල ජයග්‍රාහකයාගේ නම ලියා නැත. සම්මානයේ නම පමණක්‌ ලියා ඇත. සම්මානය පිරිනමන පුද්ගලයා වේදිකාවට එන විට ඔවුන්ගේ අතට අදාළ කවරය දෙනු ලැබේ. සම්මානලාභියාගේ නම සියලු දෙනාම දැනගන්නේ එවිටය.

කෙසේ වුවද සම්මානවලට නිර්දේශ වූ නාම ලේඛනය තෝරා ගැනීමේ කාර්යය ජූරියට පැවරේ. හොඳම චිත්‍රපටය සඳහා නාම යෝජනා 9 ක්‌ මෙවර ඉදිරිපත් විය. සාමාන්‍යයෙන් හැම සම්මාන අංශයකටම නාමයෝජනා තුනක්‌ හතරක්‌ හෝ පහක්‌ ඉදිරිපත් කෙරේ. කෙසේ වුවද ඔස්‌කාර් උළෙලට සහභාගි වන ජූරියට කිරීමට ඇත්තේ ඉතා සුළු වැඩ කොටසකි. සැබෑ ජූරිය වන්නේ ඡන්ද දායකයන් සහ ප්‍රයිස්‌වෝටර්හවුස්‌කූපර්ස්‌ සමාගම ය.

මෙකල ඔස්‌කාර් සම්මාන උළෙලක්‌ සඳහා ඩොලර් මිලියන 100 කට වඩා වැය වෙයි. එය හොලිවුඩ් පුරයේ හොඳ චිත්‍රපටයකට යන වියදම හා සමානය.

..........උපුටා ගැනිමකි.........

0 comments:

Post a Comment

4it

අප හා ගැවසෙන්නෝ