TSCC new Update

by 11:46 PM 0 comments


මම මේක ඔයාලට ගෙනාවේ හුගාක් කලෙකෙට කලින් එත් ඉතින් පරණ ඒවා සැහෙන්න බැබලෙනවා.. දැකල ඇති නේ අවුරුදු ගානක් ඇත හැරලා දාලා තිබ්බ tv shows දැන් දැන් ගොඩ එනවා


ඉතින් මේක නතර කරලා තියෙන්නේ දැන් එන්න ඕනා season 3 තමා.. try this ඔබට ඕනි නම්.


Terminator: The Sarah Connor Chronicles අනේ මම දන්නේ නැ, මේක නම් කොහොම පටන් ගන්නද කියල.
මේක ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධයක් ඒ කියන්නේ මේක රුපවාහිනි ක්තාමාලාවක් විදිහට, කොහොම හරි
අපිට මේ හද එහෙම නැත්නම් මේ යන්ත්‍ර වලට එහෙම නැත්නම් රොබෝ වරුන්ට එරෙහිව මහා යුද්ධයක් කරන්න
වෙයි කියල හීනෙකින් වත් හිතන්නේ නැති කාලෙක තමයි , මේ කතාව රිදී සිත්තමක් වෙලා අපේ ඉදිරියට එන්නේ. 
ඒ 1984දි   The Terminator චිත්‍රපටය හරහා. මේක අද්‍යක්ෂනය කරන්නේ James Cameron ඉතින් යාලුවනේ 
ඒ කාලය ගැන හිතන්න පුලුවන්ද එදා අද තරම් දියුණු නැ, එත් අපේ රටකට තවමත් හදා ගන්න බැරි විදිහට 
ඒ චිත්‍රපටය රුගත කරලා තියනවා නේද එකේ අපිට ගොඩක් ඉගෙන ගන්න තියනවා මම යන්නේ අපේ අය පහත කරන්න නෙවෙයි. 
අපේ යට දෙයක් පෙන්නවන්න. කොහොමෙන් කොහොම හරි Terminator අවුරුදු ගානක් තිස්සේ රැව් පිලි රැව් දෙන්න ගන්නවා 
අද මේ වෙනකම්ම. ඊළගට මේක එලියට ආවේ Terminator 2 ලෙස ඒ කියන්නේ එක තමයි Judgment Day එක  ඇත්තටම 
එතනින් පටන් ගන්න මේ සිද්දිය තමයි මේ රුපවාහිනි කතා මාලාවටත් මුල පුරන්නේ, මොකද එකේදී තමයි Sarah Connor 
තැනැත්තියාව හා ඇයගේ පුතු john Connorව මරණ්න අනාගතයෙන් රොබෝ හේවායෙක් එවන්නේ මෙයාලා ආදී 
තාක්ෂණයෙන් යුක්තයි, ඒ වගේම තව රොබෝ කෙනෙක් එනවා ඒ එන්නේ මොවුන් දෙදෙනාව ආරක්ෂා කරන්න. 
ඒ යට විවිද අනුවර්තන නාම නම් හුගක් තියනවා. ඊට පස්සේ අපු කෘතියක් තමයි ඒ කියන්නේ මැත කාලයේදී 
Terminator 4 Salvation (2009) ඉතින් එකේ නම් 
තියෙන්නේ වෙනම කතාවක් ජෝන් කොනගේ උදව්වට එන මිනිස් හදවතක් ඇති රොබෝ වරයකු ගැන, 
ඒවා අපි අමතක කරලා දැන් යමු මේ කතාවට මොකක්ද මේක මේකේ මොකද වෙන්නේ කියලා බලන්න.
    එතකොට මේකේ නිෂ්පාදන හිමිකාරත්වය යන්නේ Josh Friedmanට ඒ විතරක් නෙවෙයි මම කතා කරන්න 
කමතියි ඉහතදී මම නොකියයු සැගවූ කතාව එහෙන නැත්නම් චිත්‍රපටය ගැන, මේ කතාව ඇත්තෙන්ම එකේ ඉදිරි 
දැක්මක් කිව්වොත්' ඒ තමයි Terminator 3: Rise of the Machines කියන කෘතිය. මේ කතා මාලාව මේකෙම 
අලුත් අනුවාදයක් කිව්වොත් වඩාම නිවැරදි කියලා හිතනවා.
  ඉතින ඇත්තටම කිව්වොත් මේකේ හොදම චරිතේ තමයි sarah connor ගේ චරිතය මේ චරිතය හොයන්න 
Friedman  කියපු විදිහටම කෙනෙක් ඕනේ වුනා. ඉතින් මහා අරගලයක් කරලා ඉංග්‍රීසි නිලියන් අතරින් කෙනෙක් 
හොයා ගත්තා ඒ තමයි Lena Headey ඉතින් ඔහු කියපු විදිහටම මැය ලග තිබුනා ඒ ගතිගුණය මොකක්ද ඒ තමයි තද බව" 
ඒ කියපු විදිහටම ඇය අවසානයේදී ඒ චරිතය සදහා හොද දායකත්වයක් ලබා දුන්නා. ඇත්තටම පුද්ගලිකවම මම කියන්න ඕනේ
මේ මගේ ආසම නිළිය වෙලා හිටපු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි මේකේ ඉන්නේ රොබෝලා ඉතින අධ්‍යක්ෂක වරයා ඇතුළු කණ්ඩායමට 
හොයාගන්න අමාරුම කෙනා තමයි රොබෝ වේගේ නළු නිලියන්. ඉස්සර නම් ප්‍රශ්නයක් නැ. රොබෝ වගේ හිටපු අපේ හිතේ දැවටුණු නළුවා
ආනොල්ඩ් එචරයිනේ මම එයා ගැන කියන්න ඕනේ ඕනේ කෙනෙක් දන්නවා, අපි නම් මිනිහට ආදරේට කියන්නේ
ආනොල්ඩ් සුභසිංහ කියලා මොකද අන්තිම කැල්ල කටට හුරු මදි. කොහොම හරි කම නැ, අධ්‍යක්ෂක වරයා සම්පුර්ණයෙන්ම දක්ෂ වුණා රොබෝ
ගැහැනියක් සොයා ගැනීමේදී. ඇත්තටම එක කොච්චර දක්ෂ තෙරිමක්ද කියලා ඔයාලට මේක බලද්දී තේරෙයි.  

   IMDb දර්ශකය තුල 7.4 වැනි ඉහලම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා ඇති කතාව ගැන මම ටිකක් කියන්නම් ඒ කියන්නේ චුට්ටම චුට්ටක්
මොකද මම ඔක්මම ඔයාලට බාර කරනවා බලන්න එක දිගටම. 
  මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ ජෝන් කෝනර්, සාරා කොනගේ පුතා. මිනිසුන් විසින් ඇත්තටම කියනවා නම් 
බුද්ධිමත් මිනිසුන් විසින් නව විද්‍යාවේ ප්‍රගමනයත් සමග සියල්ලගේම පහසුව සදහා හදනවා යන්ත්‍ර. අන්තිමට මේ යන්ත්‍ර වලට
මිනිසුන් ලෙස හිතන්න පුරුදු කරනවා. අන්තිමට මොකද වෙන්නේ මේ යන්ත්‍ර එකතු වෙලා එයාලගේම නව අනුවාදයක් ගොඩ නගනවා
මේ ලෝකය විනාශ කරනවා, එකට හේතුව තමයි මේ යන්ත්‍ර වලට කිසිදු හැගීමක් දැනීමක් දන්නේ නැ. කොටින්ම කියනවා නම් මේ යන්ත්‍ර වලට හදවතක් නැ
ඉතින් මොකද වෙන්නේ කාලයේ ඇවෑමෙන්, මේක මහා ලෝක යුදධයකට පෙරළෙනවා. එත් එක එහෙම වෙන්න දෙන්නේ නැ
ජෝන් කෝනර් නමැති තැනැත්තා මේවාට විරුද්දව යුද්ධ ප්‍රකාශ කරනවා. ඉතින් මේ රොබෝලා මොකද හිතන්නේ කාලය හරහා
ගමන් කරලා මේ ජෝන් කොනරවා හොයලා මරුවා නම් හරි කියල. පස්සේ මෙයාලා විශේෂිත මිනිස් රොබෝ වරයෙක් හදලා යනවා අතීතයට අනාගතයම ඔවුන් සතු කරගන්න
වැඩේ සාර්ථක වෙයිද, මේක දැනගන්න ජෝන් තමාගේ ආරක්ෂාව සදහා ඔහු විසින් රෝබේ කෙනෙක් හදලා
යවනවා තාමාව රැක ගන්න. ඉතින් මේ සටන ඊට පස්සේ කොහොමවත් අනාගතයේ යුද්ධයක් වන්නේ නැ. මේ සියල්ලම අතීතය සමග එකතු වෙනවා ඒ හරහා අනාගතය එක එක විදිහට
වෙනස් වෙනවා, මම හිතනවා මේ කතා අපේ ගොඩක් බුද්දිමත් අය බලනවා කියලා, ඒ කියන්නේ විද්‍යා ප්‍රබධ ලෝලියෝ.
මේ වෙන කාල තරණය ගැන නම් එච්චර හිතන්න එපා, මම මේ කියන්නේ අයිස්ටයිගේ විදිහට මත් නෙවෙයි මෙයාලා එහෙම නැත්නම් ඉංග්‍රීසි ජාතිකයන් කියන විදිහට 
කාලය එක දිගට ගල්ලාගෙන යනවා බැරිවීමකින් හරි කොතනින් හරි වෙනස් කරොත් එතන ඇති වෙනවා නැම්මක් මට මේක හරියටම පැහැදිලි කරන්න නම්
රුප රාමු අදින්න වෙනවා, කොහොමත් තේරෙන අයට මම කියන එක තේරෙන නිසා කියලම දාන්නම්. අයිස්ටයින්ගේ රෝසම් පාලම (Einstein-Rosen bridge) වගේ කියන්නම්කෝ
අපි අවකාශය දිහා බලන්නේ හරියට එක පැත්තයි. හරියට ආලෝක කුහරයක වගේ, එකේ විශේෂත්වය තමයි එක ගුරුත්වාකර්ෂණයෙන් තොරයි (wormhoIe,
suspend it via gravitationaI fieId). මේ කතාවේදී මෙයාලා කරන්නේ අන්න ඒ 
ගලාගෙන යන කාල පැති දෙකක් හරහා ක්ෂණික සම්භන්ධයක් ඇති කරන එක, ඊට පස්සේ ඒ හරහා එයාලා එක එක දේවල් යවලා බලනවා.
මේ හරහා යන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් ඒ ඇතිවෙන පීඩනය දරාගන්න පුළුවන් වෙන්නේ මිනිසෙකුගේ හැමකට විතරයි. මිනිහෙක් මේක හරහා ගියා නම් එන්නේ
රෙදි නැතුව තමයි, එකයි මෙයාල කියන දේ.  එකට ඕනේ වෙන්නේ ලොකු ඉලෙක්ට්‍රොනික ශක්තියක්, ඒ කියන්නේ ආරෝපණ ප්‍රදේශයක්, හරියට බෝලයක් වගේ
ඉතින් මෙහෙම එකක් වෙද්දී මොකද වෙන්න මේ ආදී චාලක ශක්තියක් තියන ඉලෙක්ට්‍රොන එකට ඝට්ටනය වීම නිසා විදුලි පුලිගු පැනීමක් ඇති වෙනවා.
එක නම් ඔයාලට මේකෙදි පවා දකින්න පුළුවන්.  මේ ඉලෙක්ට්‍රොනික ශක්තිය එහෙම නැත්නම් මේක කොච්චර ලොකුද කියලා මම සරලව කියන්නම් අපේ ලංකාවේ යෝජිත මුළු
මෙගා වෝල්ට් ප්‍රමාණය x නම් ඒ x<<<<<මේ ශක්තිය. අපි පාවිච්චි කරන එක නොගිනිය හැකි තරම් කිව්වොත් වඩා නිවැරදියි. මගේ මේ භාෂා විලාශය වෙන විෂය ක්ෂත්‍ර වල අයට
නොතේරෙයි එත් මම එක තේරුම් කරන්න උපරිම උත්සහයක් දරණවා. නැත්නම් මේක බලන අය කියයි මේක බොරුවක් මේක වෙන්න බැ කියල.  ඉතින් මෙයාලා මේතරම් ශක්තියක් ලබාගෙන්නේ කොහෙන්ද
අන්න එකයි, ප්‍රශ්නේ එක ගන්නේ වෙන මොකකින් වත් නෙවෙයි, පරමාණුක ශක්තියෙන්. ඒ කියන්නේ මොකක්ද? හරි මම එකත් කියන්නම්කො
   එකට කියන්නේ න්‍යෂ්ටික බන්ධන ශක්තිය එක විද්වතෙක් කිව්වා මේ ශක්තියෙන් කවදාවත් වැඩක් ගන්න වෙන්නේ නැතිවෙයි, කියලා ඉතින් මිනිස්සුන්ගේ ගති ගුණයක් තියනවනේ
කරන්නෙම එපා කියපු දේ, කරන්නෙම බැ කියන දේනේ, කොහොම හරි මේ ශක්තිය එලියට ගත්තා. අවසානෙදි දැන් එක අපිට මහා හිසරදයක් වෙන තැනට ඇවිලා.
ඈත තියන නියුක්ලියෝන ලංකරගෙන න්‍යෂ්ටි සැදීමේදී මුක්ත වන ශක්තිය තමයි මේකට යොදාගන්නේ, ඔයාලට අසම නම්  E=MC2 දාලා බලන්න පුළුවන් සාමාන්‍යයෙන් 
1u වැය කරලා අපිට කොච්චර ශක්තියක් ගන්න පුලුවන්ද කියලා  1u කියන්නේ කිලෝග්‍රෑම් දහයේ ඝෘණ විසි හතක් විතර. හරි එහෙම පරමාණුක ශක්තියක් තිබුණා නම් 

මෙයාලගේ මේ ශක්ති අර්බුධය විසදෙනවා නේද? අන්න ඒ වගේ එකක් තමයි මේ ඉන්න රෝබෝලගේ ඇගේ වැඩ කරන්නේ, එක ඇවිල්ලා ශක්ති ගොනුවක් එකේ ශක්තිය ප්‍රතිනිර්මාණය වෙනවා 
ඒ මොකද මෙයා එකේ තියෙන ශක්තිය අරගෙන ආන්ත්‍රික ශක්තියක් ලෙස එක වය කරනවා එතකොට අර මෙයාගේ තියන බැටරිය වගේ සෝස් එක මොකද කරන්නේ ආයේ තිබ්බ 
ගානටම ඒකේ ශක්තියන් නැවත ගෙනාවා, ඒ විතරක් නෙවෙයි මේ රෝබෝලගේ වර්ගයේ හැටියට තමයි එක ක්‍රියාත්මක වෙන්නේ. මෙයාලට මොකක් හරි දැඩි කම්පනයක්
ඇති වුනහම, මේ ශක්තිය ගලා යාමේ මාර්ග කඩ වෙනවා, එතකොට මොකද වෙන්නේ මේ පද්දතිය නතර වෙනවා, ඒ කියන්නේ shut down වෙනවා එක ආයේ restart වෙන්නේ 
එහෙම නැත්නම් ආයේ reboot වෙන්නේ හරියටම මිනිත්තු දෙකකට පස්සේ. මම මෙහෙම මේක ඔයාලට පැහැදිලි කරන්නම් ඔයාලගේ ගෙදර තියන පර්ගනකයේ මේක වෙනවා 
දැන්ම බලන්න මම බොරුද කියන්නේ කියලා, ඔබේ පර්ගනකය shut down කරන්න දැන් ON කරන්න වැයවූ කාලය t කියලා ගමු.
දැන් පරිගණකය RESTART කරන්න off වෙලා On වෙන්න යන කාලය බලන්න එක T නම් මට කියන්න තියෙන්නේ T>t කියලා, මේක වෙනස් වෙන්න පුළුවන් ඔබේ මෙහෙයුම් පද්දතිය සමග ක්‍රියා කරන ඒවා මත නමුත් 
කොහොම හරි ඇත්තටම වෙන්නේ මේක තමයි, ඔබේ දත්ත ප්‍රමාණය අඩු නම් මේක ආසන්න වශයෙන් සමාන වෙන්න පුළුවන්. අන්න එහෙම එකක් තමයි මෙයාලගේ වෙන්නේ. 
හැබැයි නිකන් අපි නිදියලා නැගිට්ටා වගේ මෙයාලට නම් කොයිල් නැ, මෙයාලා නැගිට්ට වෙලේ ඉදන් වැඩ. මේ කතාව ඇත්තටම හොද එකක් එකේ ඉතින් මට ආයේ අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැ, කියන්න තියෙන්නේ
බලා සැනසෙන්න කියලා. මොකද මේක ගොඩක් ඔයාලට ආසා හිතෙන කතාවක් වේවි, එහෙනම් මම ගියා නැවත හමු වීමේ බලාපොරොත්තු සහිතව...!☺ 



Terminator.The.Sarah.Connor.Chronicles.S01.COMPLETE.VOSTFR.HDTV



Terminator The Sarah Connor Chronicles Season 2 BluRay 480p H264

Unknown

Developer

I know you can find movie site. only thing you have to do is Type the word in "google" there it is: but real thing is have you ever find best movies over and over again, ;) I doubt about it. then you can tell me i can use film rate sites. okay say you got 7.5IMDb one, okay now i am asking is it good all the time???

0 comments:

Post a Comment

4it

අප හා ගැවසෙන්නෝ